ජල බිල්පත වැඩි නොකරන බවට ජනාධිපතිවරයා අද කැබිනට් මණ්ඩලයේදී ප්‍රකාශ කළ බව අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
ඔහු ඒ බව සඳහන් කළේ, පාර්ලිමේන්තු සංකීර්ණයේදී දැන් පැවැත්වෙන ප්රවෘත්ති සාකච්ඡාවකදී ය.
මේ අතර ජල ගාස්තු සංශෝධනය පිළිබඳ සළකා බැලීමට අමාත්‍යවරු තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලයේදී තීරණය වූ බව ජල සම්පාදන හා ජලප්‍රවාහන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.