2009 වසරේ යුද්ධය අවසන් වීමෙන් පසු උතුරේ සන්නද්ධ කණ්ඩායම් නිරායුධ කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගත් තීරණය ඊළග ජනාධිපතිවරණය පරාජය වන්නට හේතුවනු ඇති බව එම පළාතේ දේශපාලන පක්ෂ විසින් කියා සිටියත්, උතුරේ මැතිවරණ පැවැත්වීම සදහා ඔවුන් නිරායුධ කිරීම අත්‍යවශ්‍ය යැයි හිටපු ජනාධිපතිවරයා එකල තීරණයක් ගත් බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
එම තීනුදව දේශපාලන වශයෙන් අවාසිදායක වූ බව ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් පැවසීය.