Colombo Today Local News

”වරාය නැගෙනහිර පර්යන්තයෙන් බාගයක් විකුණනවා.. හොද ආයෝජකයෙකුත් හමුවුණා” – වරාය ඇමති

arjuna haboure

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නැගෙනහිර පර්යන්තයෙන් 51% කොටසක් රජය භාරයේ තබාගෙන ඉතිරි කොටස පෞද්ගලීකරණය කිරීමට තීරණය කර ඇති බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

පසුගිය රජය සමයේ වරාය අධිකාරියේ ඇතිවී තිබෙන අධික ණයබර හේතුවෙන් වර්ථමානයේ තත්ත්වය සුභදායී නොවන බවත් සදහන් කරන ඇමතිවරයා ආසියානු සංවර්ධන බැංකුව සමග සාකච්ඡා කර වඩා හොද ආයෝජකයෙකු සොයා ගැනීමට කටයුතු කර ඇති බවත්, ඒ අනුව මේ වන විට හොද ආයෝජකයෙකු සොයා ගැනීම සාර්ථක වී ඇති බවද පවසයි.

ඇමතිවරයා මේ බව සදහන් කර ඇත්තේ නෙත් ගුවන්විදුලිය සමග අදහස් දක්වමිනි.

මේ අතර වරාය නැගෙනහිර පර්යන්තය පෞද්ගලිකකරණය කිරීමට එරෙහිව වරාය වෘත්තීය සමිති විරෝධය ඵලකරන අතර, වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ මහතා පවසන්නේ නැගෙනහිර පර්යන්තය විකිණීම තුළින් වරායේ සමස්ථ මෙහෙයුම් පද්ධතියම බිද වැටෙන බවයි.

මෙම විකිණීම නතර නොකරන්නේ නම් දැනට විකිණීමට නියමිත සියලුම ආයතන සමග ඒකාබද්ධ වෙමින් දැවැන්ත අරගලයක් දියත් කරන බවත් ඔහු පවසයි.

Related posts

බොරතෙල් මිලේ දැවැන්ත පහත වැටීමක්!

Admin

විපක්ෂ නියෝජිතයින් පත් නොකිරීම නිසා ආංශීක අධීක්ෂණ කාරක සභා සක්‍රිය කිරීමට නොහැකියි – ජනපතිට කතානායකගෙන් පිළිතුරු

Admin

ගස් කපන කියතකින් කකුල් දෙක කපා පුද්ගලයෙකු ඝාතනය කරලා

colombotoday

මේ වසරේදී අලුතින් පූජා භූමි 26ක් ගැසට් කරන්න සැලසුම්

Admin

ඡන්ද විමසීමකින් තොරව සම්මත වූ අධිභාර පනතට කතානායකගේ සහතිකය

colombotoday

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අරලියගහ මන්දිර නාට්‍යයක් – ජනපති කියයි

colombotoday