Colombo Today Local News

නැප්තා නැතිව කැලණිතිස්ස ඇනහිටී

කැලණිතිස්ස ඒකාබද්ධ චක්‍රීය බලාගාරයේ විදුලි ජනන කටයුතු ඊයේ (2) රාත්‍රියේ ඇනහිටි බව වාර්තා වේ.

ජාතික විදුලිබල පද්ධතියට සුවිසල් දායකත්වයක් ලබාදෙමින් මෙගාවොට් 165කින් ක්‍රියාත්මක කෙරෙන මෙම බලාගාරයේ විදුලි උත්පාදනය සඳහා ප්‍රමාණවත් නැප්තා තොග ලබා නොදීම හේතුවෙන් මෙලෙස එය ඇනහිටි බව ද එහි නිලධාරියෙකු සදහන් කරයි.

තෙල් සංස්ථාව සතුව නැප්තා ලීටර් මිලියන 2000ක් තිබියදී එය ලබා නොදීම හේතුවෙන් මෙලෙස මෙම බලාගාරය අක්‍රිය වූ බව ද එම නිලධාරියා පවසයි.

ඩීසල් බලාගාරයන්ට සාපේක්ෂව විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා අඩු වියදමක් නැප්තා බලාගාරයන් සතු බව ද ඔහු වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

බී.ඕ.අයි ඉල්ලා අස්වීම් ජනපති ප්‍රතික්ෂේප කරයි

colombotoday

දාහය අධිකයි.. ඇතුගලත් පුපුරයි !

colombotoday

කෙසෙල්වත්තේ ඝාතනයට තරුණයින් දෙදෙනෙක් අත්අඩංගුවේ

Admin

මින් ඉදිරියට ලෝකය පෙරට ගෙනයන දේශපාලන දර්ශනය වන්නේ ජාතිකවාදයයි

colombotoday

අම්බලන්ගොඩ කොහු මෝලක් ගිනි ගනී

colombotoday

ඉතිහාසයේ ප්‍රථම වතාවට පරිපාලන සේවයත් වර්ජනයට එක්වෙයි

colombotoday