Colombo Today Local News

හෙට දුම්රිය වෘත්තිය සමිති 29 ක් හෙට උද්ඝෝෂණයේ

රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීය සමිති නම් කර ඇති විරෝධතා ව්‍යාපාරයට සහයෝගය පළ කරමින් දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් හෙට (01) දිනයේ සංවිධානය කරන බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය පවසයි.

ඒ අනුව දුම්රිය රියදුරු, නියාමක, දුම්රිය පාලක, දුම්රිය තාක්ෂණ ශිල්පීන් ඇතුළු වෘත්තීය සමිති 29 ක සහයෝගයෙන් හෙට පස්වරු 12.00 ට මරදාන දුම්රිය මූලස්ථානය ඉදිරිපිට මෙම උද්ඝෝෂණය ක්‍රියාත්මක කරන බවත් දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු එස්.පී විතානගේ මහතා සදහන් කරයි.

වෘත්තිය සමිති නියෝජිතයන් ඉල්ලා සිටින ගැටළුවලට රජය මගින් අද දිනයේ සාධනීය විසඳුමක් ලබා නොදුනහොත් සෙසු සියලුම වෘත්තීය සමිති සමග අඛණ්ඩ වැඩවර්ජනයකට යොමුවන බවත් ඔහු තවදුරටත් පවසයි.

Related posts

ශ්‍රී ලංකාවේ තෙල් හා ගෑස් කැනීමට අලුත් සමාගමක්

colombotoday

කාන්තාවන් ගෘහ සේවයට යනවාට මා විරුද්ධයි – ජනපති

colombotoday

යාපනයේ නාවික සෙබලුන් 51කට කොරෝනා

colombotoday

කල් ඉකුත් වූ වී මිලදී ගෙන ගබඩා කෙරු නිලධාරීන් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවයි

colombotoday

“රට “එක්සත්” කරන්න ලෝකයම අපට සහය දෙනවා” – අගමැති

colombotoday

නව චීන තානාපති ගෝඨාභය හමුවෙයි

colombotoday