World

දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගටෙයි – 26ක් මරුට

ග්‍රීසියේ දුම්රිය දෙකක් ඊයේ (28)රාත්‍රියේ මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් 26 දෙනකු මියගොස් තවත් 85 දෙනකු තුවාල ලබා ඇතැයි එරට බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

නගරාන්තර සීඝ්‍රගාමි මගී ප්‍රවාහන දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

ගැටීමේ ප්‍රභලත්වය හේතුවෙන් මගී දුම්රියේ ඉදිරිපස මැදිරි හතරක් පීලි පැන ඇති බවත් ඉන් පළමු මැදිරි දෙක ගිනි ගෙන විනාශ වී ඇති බවත් ආණ්ඩුකාර කොන්ස්ටන්ටිනොස් ප්‍රකාශ කර ඇත.

මගීන් 250 ක් පමණ මුදා ගැනීමෙන් පසුව බස්රථ මගින් ඔවුන් පිටත් කර හැරි බව සහන සේවකයන් පවසා තිබේ.

දුම්රිය මගීන්ට අනතුර භූමි කම්පාවක් ලෙස දැනුණු බව සහන කණ්ඩායම් මුදා ගත් මගියෙක් ප්‍රකාශ කර ඇත.

Related posts

දෙවන ලෝක යුධ සමරුවේ, රුසියානු යුධ බලය පෙන්වයි

colombotoday

ජපානයේ ප්‍රබල නායයෑමකින් 20ක් අතුරුදන්

colombotoday

තායිලන්ත මහා මැතිවරණයේ ජය තරුණ නායකයාගේ විපක්ෂයට

Admin

අඟහරුගේ පැති රූප චීනයේ ටියැන්වෙන්-1 නිකුත් කරයි

colombotoday

ඉස්ලාම් ආගම යටතේ කාන්තාවන් ලිංගික වහලුන් කරගත හැකියි.. එංගලන්තයේ ඉස්ලාම් පූජකයෙක් කියයි

colombotoday

ලිබියානු ප්‍රහාරක ජෙට් යානයක් ISIS ප්‍රහාරයකින් විනාශ වේ

colombotoday