Colombo Today Local News

‘ඇමතිලාගේ හොරකම් එළියේ කතා කරන එක වැරදියි.. දයාසිරි කැබිනට්ටුවේදිනම් පූසා වගේ’ – රාජිත

rajitha3වත්මන් ආණ්‌ඩුවේ දූෂණ වංචා ඇතැයි මාධ්‍ය වෙත ප්‍රකාශ කරන ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා කිසි විටෙක කැබිනට්‌ මණ්‌ඩලයේදී කතා කර නැතැයි කැබිනට්‌ සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවැසීය.

ආණ්‌ඩුවේ ඇමැතිවරුන් දූෂණ වංචා කර ඇත්නම් ඒ බව කතා කළ යුත්තේ ඇමැති මණ්‌ඩල හමුවේදී මිස එළියේදී නොවන බවද හෙතෙම කීය.

ඊයේ (05 දා) පැවැති ඇමැති මණ්‌ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා එම කාරණය සඳහන් කළේය.

”මෙම ඇමැතිවරුන්ට ඇමැති මණ්‌ඩලයේදී කතා කරන්න කොන්දක්‌ නැතැයි ද එළියට ගිහින් බොරුවට වීරයෝ වෙනවා” යෑයි ද කී ඇමැතිවරයා, මේ ඇමැතිවරුන් පසුගිය රජයේ දූෂණ වංචා වෙද්දී හිටියේ කොහේදැයි විමසීය.

තමා පසුගිය රජය සමයේදී සිදුවූ දූෂණ පිළිබඳව එළියේදී කතා නොකළ බවත්, ඇමැති මණ්‌ඩල රැස්‌වීමේදී මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් මුහුණටම විමසූ බවත් ඔහු පැවැසීය.

Related posts

විස්‌සෙන් දෙන්නේ ඊලමයි

colombotoday

නවත්තන්න එපා කියලා පොලිස්පතිතුමා කිවුවේ. – DIG දේශබන්දු තෙන්නකෝන් කිවුවා – හිටපු ඇමති රමේෂ් පතිරණ හෙළිකරයි.

colombotoday

කුරුණෑගල ගොඩනැගිල්ල කඩාදැමීම ගැන පරීක්ෂණ විධිමත් කරන ලෙස නීතිපතිගෙන් උපදෙස්

colombotoday

ලංකාවේ කාඩ්බෝඩ් මිනීපෙට්ටි වියට්නාමයට යවයි

colombotoday

වාසුදේව මරාගෙන මැරෙන සටනක් අරඹයි !

colombotoday

කුවේට් ගෘහ සේවිකාවන් බහුතරයකට කොවිඩ්

colombotoday