World

භූමදාන සහ ආදාහන වෙනුවට මිනිස් මළ සිරුරුවලින් කම්පෝස්ට් පොහොර හදයි

මිනිස් සිරුරුවලින් කම්පෝස්ට් පොහොර සැකසීම සඳහා අමෙරිකාවේ නිව් යෝර්ක් ප්‍රාන්තය අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව, මරණයෙන් පසු සිය මෘත දේහය කම්පෝස්ට් පොහොර බවට පත් කිරීම සඳහා නිව් යෝර්ක් වැසියන්ට අවස්ථාව හිමි වෙයි.

“ස්වාභාවික කාබනිකහරණය” යනුවෙන් හැඳින්වෙන මෙම ක්‍රමයේදී සිදු කෙරෙන්නේ, මිනිස් මෘත දේහ සති කිහිපයක් බහාලුමක තබා ජීරණය කිරීම ය.

මෙය භූමදානය හෝ ආදාහනය කිරීමට වඩා පරිසර හිතකාමී බව පරිසරවේදීහු පවසති.

අමෙරිකාවේදී මෙය පළමු වරට 2019 වසරේදී නීතිගත කෙරුණු අතර පසුව කොලරාඩෝ, ඔරිගන්, වර්මොන්ට් සහ කැලිෆෝනියා යන ප්‍රාන්තවල ද මෙය ආරම්භ කෙරිණි.

ඒ අනුව, මෙම ක්‍රමය ආරම්භ කරන 6 වන ප්‍රාන්තය බවට නිව් යෝර්ක් ප්‍රාන්තය පත් වෙයි.

Related posts

කොරෝනා හේතුවෙන් ඇමෙරිකාවේ මරණ 6ක්

colombotoday

ලොව ප්‍රථමවරට කොරෝනා වෛරසයට එරෙහිව DNA එන්නතක්

colombotoday

නවසිලන්ත මැතිවරණය මසකින් කල් දමයි

colombotoday

Breaking – ඩුබායි ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් අනතුරට

colombotoday

නෝර්වේ දී දුනු ඊතළ යොදා ගනිමින් මාරක ප්‍රහාරයක්

colombotoday

නයිජීරියාවේ ආයුධ සන්නද්ධ කැරුලිකරුවන් පාසල් ළමුන් 140 පැහැරගෙන

colombotoday