World

මෙක්සිකෝ බන්ධනාගාරයකට වෙඩි ප්‍රහාරයක්: සිරකරුවෝ විශාල පිරිසක් පැන යති

උතුරු මෙක්සිකෝවේ අමෙරිකානු දේශ සීමාවේ පිහිටි බන්ධනාගාරයකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බවට සැක කෙරෙන තුවක්කුකරුවන් පිරිසක් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

එම ප්‍රහාරයෙන් පසු බන්ධනාගාරයේ සිටි රැඳවියන් විශාල සංඛ්‍යාවක් පළා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම පිරිස උදෑසන 07:00 පසු වී සුළු වේලාවකට පසු ආයුධ සන්නද්ධව මෝටර් රථවලින් චිහුවාහුවා ප්‍රාන්ත බන්ධනාගාරය වෙත පැමිණ එහි සිටි ආරක්ෂකයින්ට වෙඩි තැබීමට පටන් ගත් බව බලධාරීන් සඳහන් කර ඇත.

බන්ධනාගාර රැඳවියන් 4 දෙනෙකු ද ඇතුළුව ප්‍රහාරයෙන් දස දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

එහිදී රැඳවියන් 24 දෙනෙකු පළා ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම බන්ධනාගාරයේ විවිධ අපරාධ කණ්ඩායම්වල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සිරකරුවන් රඳවා සිටින බව ය.

ප්‍රහාරය අතරතුර බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුමකින් පුද්ගලයන් 13 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් සිව් දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇතැයි බලධාරීන් ප්‍රකාශ කර ඇත.

සිද්ධිය ඇසින් දුටු කාන්තාවක ප්‍රකාශ කර ඇත්තේ, ප්‍රහාරකයන් කළු ඇඳුමින් සැරසී සිටි බව ත්, පොලිසියට වඩා සන්නද්ධව ඒ අසලින් යන සෑම වාහනයකට ම වෙඩි තබමින් සිටි බව ත් ය.

Related posts

බ්‍රසීල ජනපතිට දෙවන වරටත් කොවිඩ් වැළදේ

colombotoday

ඇමෙරිකාවේ සමූල ඝාතනයක්

Admin

“නීතිය කාටත් පොදුයි,” වරදක් කළත් ඇයත් දඬුවම් ලැබිය යුතුයි” | සෞඛ්‍ය නීති කඩා සාදයක් පැවැත්වූ අගමැතිනියට දඩ

colombotoday

කැලිෆෝනියා ප්‍රාන්තයට යළි ඇඳිරිනීතිය

colombotoday

ඇෆ්ගනිස්තානයේ අධික ශීත කාලගුණයෙන් පුද්ගලයින් 124ක්, සත්වයින් 70,000ක් මරුට.

Admin

ජනාධිපති වෙන්න බාධා කලොත් තවත් මිනිසුන් මිය යා හැකියි : බයිඩ්න්ගෙන් ට්‍රම්ප්ට ඇඟවීමක්

colombotoday