World

බ්‍රසීල ජනපතිට දෙවන වරටත් කොවිඩ් වැළදේ

බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සොනාරෝ ට දෙවන වරටත් කොවිඩ් වෛරසය ධනාත්මක වී තිබේ.

බ්‍රසීලියා අගනුවර පිහිටි සිය නිල නිවසේ දී නිරෝධායනයට ලක්වෙමින් සිටින ඔහු සිය රාජකාරී කටයුතුවල අඛණ්ඩව නිරත වන බවටත් වීඩියෝ පණිවුඩයක් ඔස්සේ දැනුම් දී ඇත.

බ්‍රසීලයෙන් අද වන විට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන් ගණන 1, 970,909කි.

සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 75, 523කි.

පුද්ගලයින් 1,366,775 ක් පූර්ණ සුවය ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර, සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අද 13, 697, 662ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ලොවපුරා රටවලින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 586,896කි.

බොලිවියා වේ අමාත්‍යරුන් 07 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

Related posts

සූවස් ඇළේ සිරවුණු නෞකාව ලෝක ආර්ථිකයත් සිර කරන ලකුණු

colombotoday

සෞදි ඉන්ධන ගබඩාවකට හවුති කැරලිකරුවන්ගෙන් මිසයිල ප්‍රහාරයක්

colombotoday

දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් කොරෝනා වෛරස් නව ප්‍රභේදය ජපානයෙනුත්

colombotoday

අපරාධකරුවන් මර්දනයට රෝබෝවරු යොදාගන්න යෝජනාවක්

Admin

අඟහරු වෙත යැවූ රොබෝ යානාව

colombotoday

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති ස්වයං නිරෝධායනයට

colombotoday