Colombo Today Local News

“ඔබතුමත් හරියට හීන් බබා සීයා වගේනේ“ කියූ විමල්ට කථානායකගෙන් දැඩි අවවාද

karu-wimal

තමන්ට තර්ජනය නොකරන ලෙස පවසමින් කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (5 දා) පාර්ලිමේන්තුවේදී විමල් වීරවංශ මහතාට දැඩි ලෙස අවවාද කළේය.

ඔබතුමා වාඩිවෙන්න. මට නම් කරන්න වෙනවා. මට තර්ජනය කරන්න එපා. මම ඔබතුමාට අවවාද කරනවා යෑයි කථානායකරවයා විමල් වීරවංශ මන්ත්‍රීවරයාට කීවේය.වැට්‌බදු පනත් කෙටුම්පතට අදාළව වැඩබලන මුදල් ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා විසින් නීතිපතිවරයා සහ මුද්‍රණාලයාධිපතිවරයා ඉදිරිපත් කළ ලිපි සභා ගත කළ පසු ඇතිවූ විවාදයේදී වීරවංශ මහතාට මෙසේ අවවාද කළේය.

මට පැහැදිලි කරන්න දෙන්න. මේ ලිපි අපේ ප්‍රශ්න කිරීමට අදාළ නෑ. අපට කතා කරන්න ඉඩ දෙන්න. ඔබතුමාත් හරියට “හීන් බබා සීයා” වගේනේ යෑයි විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළ පසු “මොකක්‌ද කිව්වේ” යෑයි අසමින් කථානායකවරයා මන්ත්‍රීවරයාට අවවාද කළේය.

[fbvideo link=”https://www.facebook.com/nethnewsofficial/videos/1068457956585199/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

ලංකාවේ අමතර විදුලිය අපනයනය කරන්න සාකච්ඡා කලා

Admin

ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කරගන්නා 5 ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු මෙන්න…

colombotoday

කොතලාවල පනතට සරසවි ඇඳුරන්ගේත් විරෝධය | ඔන්ලයින් ඉගැන්වීම් නවතයි

colombotoday

අපරාධ කල්ලි සාමාජික බැරල් සංඛ අත්අඩංගුවට

colombotoday

මිගමුව බන්ධනාගාරයේ නියාමකවරියකගෙන් “අරුණ” පුවත්පතට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

colombotoday

නිදහස ලැබූ ඤාණසාර හිමියෝ සිරගෙයින් නික්මෙති !!

colombotoday