Colombo Today Local News

කල්ක්‍රියාව හොඳයි නම්, සිරකරුවන්ට සතියක් නිවාඩු

යහපත් කල්ක්‍රියාවෙන් සිටින සිරකරුවන්ට සතියක කාලයක් පවුලේ සාමාජිකයින් සමග කාලය ගත කර පැමිණීම සඳහා වන අවස්ථාව වහාම ලබා දීමට තමන් බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග අද (23)දින වැලිකඩ බන්ධනාගාරයේදී පැවති සාකච්ජාවකින් පසු මාධ්‍යට අදහස් දක්වමිනි.

කෙසේ වෙතත් මෙම අවස්ථාව හිමි වන්නේ, යහපත් කල් ක්‍රියාවෙන් සිටින සහ එය ඔප්පු කර ඇති අයට පමණක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, බන්ධනාගාර පනතට අනුව යහපත් කල්ක්‍රියාවෙන් සිටින අයට නිවාඩුවක් දීම සඳහා ඇමතිවරයාට බලය හිමි බවයි.

”යහපත් කල්ක්‍රියාවෙන් හිටපු අය කාලෙකට පස්සේ නිවාඩු යවන්න පුළුවන් සතියකට තමන්ගේ පවුලේ අයත් එක්ක ගත කරලා එන්න. වහාම ක්‍රියාත්මක වන පරිදි මම ඒක කරන්නට බලාපොරොත්තු වෙනවා. හැබැයි එක කොන්දේසියක් තිබෙනවා. යහපත් කල් ක්‍රියාවෙන් සිටිය යුතුයි. යහපත් කල් ක්‍රියාවෙන් සිටින එක යහපත් කල් ක්‍රියාවෙන් තමන් ඔප්පු කරලා තියෙන්න ඕන. ඒ අයට ඒක කරන්න අපි උත්සහ කරනවා”

තව ද බන්ධානාගාර නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේදී බන්ධනාගාරයේ කටයුතු වඩා වේගවත්ව, ක්‍රමවත්ව හා පිළිවෙළකට, කිසිදු බාධාවකින් තොරව ඉදිරියට කරගෙන යාම සඳහා අවශ්‍ය කාරණා පිළිබඳව සාකච්ජා කර උපදෙස් ලබා දුන් බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

Related posts

“ජනතාව කොවිඩ් මාරයාට බිලි දීමේ පූර්ණ වගකීම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව භාරගත යුතුයි”

colombotoday

අයින් කළේ නෑලු අයින් වුණා ලු

Admin

ලෝක නායකයන් ජනපති මෛත්‍රීට ගරු කරන හැටි දැක්කහම අපේ ඇස්වලට කඳුළු එනවා – මහින්ද අමරවීර

colombotoday

ජනාධිපති ඇතුළු කිහිපදෙනෙක් ඝාතනය කරන බවට බූස්සේ සිර කර සිටින පාතාල කෙරුමන් දන්වයි

colombotoday

විශේෂ පාර්ලිමේන්තු සැසිවාර දෙකක් ප්‍රකාශයට පත්කරයි

colombotoday

කබ්රාල් සහ ලලිත් වීරතුංග නිදහස් කරමින් නඩුවක් නිෂ්ප්‍රභ කෙරේ..

Admin