Colombo Today Local News

පාලන මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කලොත් ලක්ෂ ගණන් දඩ

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (සංශෝධන) පනත් කෙටුම්පත ඊයේ (22) පාර්ලිමේන්තුවේදී සම්මත වීමත් සමග පාලන මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහි දඩ මුදල් වැඩි කිරීම සඳහා ප්‍රතිපාදන සැලසී තිබේ.

සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ, අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා පනවා ඇති පාලන මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව දැනට පවතින අවමය රුපියල් 1,000 සහ උපරිමය 10,000ක් දක්වා වන දඩ මුදල රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 5 දක්වා ඉහළ දැමෙන බවයි.

තව ද රු. 2,000 සිට රු. 20,000 දක්වා පවතින දඩ මුදල රු. ලක්ෂ 2 සිට රු. ලක්ෂ 10 දක්වා ඉහළ දැමීමට ද සංශෝධිත පනත් කෙටුම්පත ප්‍රකාරව බලතල හිමිවේ.

මීට අමතරව සමාගමක් හෝ හවුල් ව්‍යාපාරයක් නම්, රු. ලක්ෂ 5 සිට රු. ලක්ෂ 50 දක්වා ත් දඩ මුදල් ඉහළ දැමීමට අවසර හිමි වේ.

Related posts

ජනපති හදිසියේම කාලෝ හමුවෙයි !

colombotoday

“කාටවත් නිකන් කන්න දෙන්න බෑ… මම මේ රට දියුණු කළේ නැත්නම් මටත් යන්න වෙනවා.”

colombotoday

දෙවැනි රැල්ල පෞද්ගලික අංශයේ 15,000 කට රැකියා අහිමි කරලා

colombotoday

මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Admin

ජනපති – සන්ධාන මන්ත්‍රී හමුවේ තීන්දු මෙන්න

colombotoday

වෙඩි ප්‍රහාරයකින් SF ලොක්කා මරුට

colombotoday