Colombo Today Local News

විමර්ශනය කර විගණන වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි විගණකාධිපතිවරයා ට නියෝගයක්

නිසි අවස්ථාවේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා නොගැනීම ඇතුළු වත්මන් ආර්ථික අර්බුදයට හේතුවූ බව සඳහන් කාරණා කිහිපයක් සම්බන්ධයෙන් විමර්ශනය කර විගණන වාර්තාවක් ඉදිරිපත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය, විගණකාධිපතිවරයා වෙත මාර්තු මස 15 වනදා දක්වා කල් ලබා දී තිබේ.

වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නියෝග කරන්නැයි ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් 2ක් අද (09)දින යළි කැඳවූ අවස්ථාවේ දී මෙම නියෝගය නිකුත් කර ඇත.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම්කරමින් එම මූලික අයිතිවාසිකම් පෙත්සම් 2ක ඉදිරිපත් කර තිබේ.

මෙම පෙත්සම්වලට අදාළව ඉකුත් ඔක්තෝබර් මස 7 වනදා තීන්දුවක් ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණය අමෙරිකානු ඩොලරය, රුපියල් 203ක් වශයෙන් කෘත්‍රිමව රඳවාගැනීම, නිසි අවස්ථාවේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම ප්‍රමාද කිරීම, ඉකුත් වසරේ ජනවාරි මස 18 වනදා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා මෙරට විදේශ සංචිතවලින් අමෙරිකානු ඩොලර් මිලියන 500ක් ගෙවීම් සිදුකිරීම යන කාරණා සම්බන්ධයෙන් විගණන පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් අද (09) දිනට පෙර ඉදිරිපත් කරන ලෙස විගණකාධිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කර තිබුණි.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් අද(9)දින කැඳවනු ලැබූ අවස්ථාවේදී විගණකාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම වාර්තාව සම්පාදනය කිරීම සඳහා විවිධ රාජ්‍ය ආයතන වලින් තව දුරටත් තොරතුරු ලබා ගැනීමට අවශ්‍යව තිබෙන බවය.

Related posts

බෞද්ධ සමාජයට, සිංහලයන්ට අත්වෙන ඉරණම ගැන කණගාටුයි – රාමාඤ්ඤ මහා සංඝ සභාව

colombotoday

හිජාස් හිස්බුල්ලා – මුලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම කල්දැමේ

colombotoday

නව මැතිවරණ කොමිසමට හිටපු තිදෙනාම නැහැ

colombotoday

උබ ආයුද ගන්නවානම් , තලනවා එකාගේ ඉදං – ඥානසාර හිමි බදුර්දීන්ගේ කනහරහා දෙයි

colombotoday

ලුණු ආනයනයට අවසර ඉල්ලලා

Admin

යුක්‍රේනයේ තවත් සංචාරකයින් පිරිසක් දිවයිනට

colombotoday