Colombo Today Local News

බ්‍රසීලයේ ප්‍රජාතන්ත්‍රවාදයට සිදු වූ සතුරු ක්‍රියා හෙළා දකිමි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

බ්‍රසීලයේ ප්‍රජාතන්ත්‍රවාදයට සිදු වූ සතුරු ක්‍රියා හෙළා දකින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

බ්‍රසීලයේ මෑතදී ඇති වූ ප්‍රචණ්ඩත්වය ගැන දැඩි කනස්සල්ලට පත්ව සිටින බව පවසන ජනාධිපතිවරයා ව්‍යවස්ථා විරෝධී ක්‍රම මගින් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් පෙරලා දැමීමේ මෙවැනිම උත්සාහයක් ශ්‍රී ලංකාවද කලකට පෙර අත්දුටු බව සඳහන් කළේය.

බ්‍රසීල ප්‍රජාතන්ත්‍රවාදයට කරන එවැනි සතුරුකම් හෙලා දකින අතර බ්‍රසීල අර්බුදය හමුවේ ලංකාව බ්‍රසීලයේ ජනාධිපතිවරයා, රජය සහ ජනතාව සමඟ සහයෝගයෙන් සිටින බව පවසයි.

බ්‍රසීලයේ ප්‍රජාතන්ත්‍රවාදය සහ එහි ආයතන මෙන්ම සියලු පුරවැසියන් ලෝකයේම ගෞරවයට පාත්‍ර වීම අත්‍යවශ්‍ය වන බවද ජනාධිපතිවරයා නිවෙිදනයක් නිකුත් කරමින් කියයි.

Related posts

අපේ රටේ පැවැත්මට නාවික ප්‍රවාහනය මත පදනම් වූ ව්‍යාපාර ඉතාම වැදගත් – අගමැති

colombotoday

ශ්‍රී ලංකා පොලිසියට විශ්වවිද්‍යාල උපාධි පාඨමාලාවක් හඳුන්වාදීමේ අවබෝධතා ගිවිසුමට ඇමති ටිරාන් අලස් අත්සන් තබයි

Admin

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු සේවකයා හෙරොයින් සමග අත්අඩංගුවේ

colombotoday

ඖෂධ ගේන්න රට යන්න ඇමති කෙහෙළියට අධිකරණයෙන් අවසර

Admin

ඉන්දියාවේ පළමු කොරෝනා ආසාදිතයා හමුවෙයි !

colombotoday

බස්නාහිර විශේෂ පොලිස් මෙහෙයුමක්

colombotoday