75 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු අද (30)දින නොපැවැත්වෙන බව, පොලිස් මාධ්‍ය කොට්ඨාසය දැනුම් දෙයි.
ඒ අනුව, අද මාර්ග වසා තැබීමක් සිදුනොවනු ඇති.
නිදහස් දින පෙරහුරු හේතුවෙන් ප්‍රකාශයට පත් කළ මාර්ග සැලසුම යළි ක්‍රියාත්මක වන්නේ, ලබන පළමු වැනිදා සිට පෙබරවාරි 4 වැනිදා දක්වා ය.
රථවාහන සැලසුමට අනුව උදෑසන 05 සිට දහවල් 12 දක්වා කාලය තුළ කොළඹ ගාලුමුවදොර කේන්ද්‍ර කරගනිමින් මාර්ග 20ක් වසා තැබෙන අතර වාහන ගමනාගමනය ද සීමා කෙරේ.
අදාළ කාලසීමාවේදී එම ප්‍රදේශවල පදිංචිකරුවන්ට පොලිස් රථවාහන නිලධාරීන්ගේ උපදෙස් මත ගමන් කළ හැකියි.