Colombo Today Local News

සිපෙට්කෝ ඉන්ධන ලබා ගැනීමේ ධාරිතාව ඉහළ යාම සැපයුමට අභියෝගයක්

ඉදිරියේදී ඉන්ධන සැපයුම අභියෝගයක් වන බව, බලශක්ති අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කරන්නේ, ලංකා IOC ඉන්ධන මිල යළි ඉහළ දැමීම හමුවේ, එම තත්ත්වය තවදුරටත් උග්‍ර වනු ඇති බවයි.

කෙසේ වෙතත්, සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට කිසිදු තීරණයක් මේ දක්වා ගෙන නොමැති බව ද, එම නිලධාරියා තහවුරු කරයි.

බලශක්ති අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ, IOC ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබා ගැනීමේ ධාරිතාව ඉහළ යමින් ඇති බවයි.

එම තත්ත්වය තුළ අඛණ්ඩ ඉන්ධන සැපයුම අභියෝගයක් බව, අමාත්‍යාංශය පවසයි.

බලශක්ති අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, පවතින කරුණු සැළකිල්ලට ගෙන අනවශ්‍ය තොග රැස් කිරීමෙන් වළකින ලෙසය.

කෙසේ හෝ පවතින තත්ත්වය කළමනාකරණය කර ගැනීමට කටයුතු කරන බව, අමාත්‍යාංශය වැඩි දුරටත් සදහන් කරයි.

Related posts

ෆොන්සේකාගේ ෆීල්ඩ් මාර්ෂල් පට්ටම ගලවන ගැසට් නිවේදනය අත ළගයි….

colombotoday

මහනුවර ඇසළ මහා පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද

colombotoday

පෙට්‍රල් – බොරතෙල් ගොඩබෑම අද අරඹයි

colombotoday

හරක් කටාගේ සමීපතයෙක් කුඩුත් එක්කම දැලේ…

colombotoday

තරඟ කිරීමේ කොන්දේසි සපුරා නැති ගෝඨාභය ගැන කතා කරලා වැඩක් නෑ – කුමාර වෙල්ගම

colombotoday

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකූ ඉංජිනේරුවා යළි රිමාන්ඩ්

colombotoday