Colombo Today Local News

ජාතික යොවුන් වේදිකාවට ජනපති කාර්යාලයෙන් අයදුම්පත් කැඳවයි

75 වැනි ජාතික නිදහස් සැමරුමට සමගාමීව ගොඩනැගීමට නියමිත ජාතික යොවුන් වේදිකාව සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක ය.

2048 වසර වන විට සමෘද්ධිමත් සහ බලගතු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ ක්‍රියාවලියේ කොටස්කරුවෙකු වීමට ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට අවස්ථාව ලබා දීම සහ වසර 25ක සංවර්ධන න්‍යාය පත්‍රයට තරුණ ප්‍රජාව වගකිව යුතු හවුල්කරුවන් ලෙස දායක කර ගැනීම ජාතික යොවුන් වේදිකාව නිර්මාණය කිරීමේ අමුණ බව ජනාධිපති කාර්යාලය පවසයි.

රටෙි සමාජ, ආර්ථික සහ දේශපාලන වෙනසක් ඇති කිරීමට නම් තරුණ ප්‍රජාව පෙරට පැමිණ නායකත්වය ගත යුතු බවත්, ජාතික යොවුන් වේදිකාව ඒ සඳහා ඔවුන්ට මහඟු අවස්ථාවක් බවත් ජනාධිපතිවරයාගේ අදහසයි.

යොවුන් වේදිකාවට එක් වීම සඳහා තමා විසින් සකස් කළ අයදුම්පතක් 2023 ජනවාරි 31 හෝ ඊට පෙර dir.ysd@presidentsoffice.lk ඊමේල් ලිපිනය මගින් හෝ “අධ්‍යක්ෂ, තරුණ හා තිරසාර සංවර්ධන, ජනාධිපති කාර්යාලය, කොළඹ 01″ ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතු බව ජනාධිපති කාර්යාලය පවසයි.

Related posts

රට විරුවන්ට විදුලි රිය ආනයනයට අවසර

colombotoday

දිවුලපිටියේ සිට මොණරාගලට පැමිණි කාන්තාවකටත් කොරෝනා බව තහවුරු වෙයි

colombotoday

ගෝඨාභයට එරෙහි නඩුවේ නීතිමය පදනමක් නෑ

colombotoday

රවීගේ පෙත්සමට විරෝධතා ඉදිරිපත් කිරීමට අභියාචනාධිකරණය කල්දෙයි

colombotoday

සෞඛ්‍ය සේවය පුද්ගලික අංශයට අමුණනවා.. “ඉන්දීය ගිලන් රථ එහි පළමු පියවරයි“ – ආචාර්ය හර්ෂ

colombotoday

පුංචි ඡන්දයට එන්නේ මහින්දගේ පක්ෂයකින්ම පමණයි.. අම්පාරේ පුංචි මන්ත්‍රීන් තීන්දුවකට එයි

colombotoday