අනිද්දා (07) රාත්‍රී 10.00 සිට 8 වන ඉරිදා පස්වරු 4.00 දක්වා පැය 18 ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව කොළඹ- 01 ,කොළඹ -02, කොළඹ- 03, කොළඹ- 04, කොළඹ- 07, කොළඹ – 09, කොළඹ -10 සහ කොළඹ – 11 යන ප්‍රදේශවලට එම කාලය තුල ජල සැපයුම අත්හිටුවනු ඇති.
මාලිගාකන්ද ජලාශය වෙත ජලය සැපයෙන සම්ප්‍රේෂණ ජල නළ පද්ධතියට අදාළව සිදුකරනු ලබන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරිමක් මීට හේතු වී තිබේ.