Colombo Today Local News

තුෂාන්ගේ ප්‍රකාශය ගැන බන්දුලගෙන් පොලිස්පතිවරයාට පැමිණිල්ලක්

පාරිභෝගික කටයුතු අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයාට බලපෑම් කළ බවට කළ සාවද්‍ය ප්‍රකාශ පිළිබඳව අපක්‍ෂපාති පරීක්‍ෂණයක් කරන ලෙස පොලිස්පතිවරයාට අද (23)දින පැමිණිල්ලක් කළ බවත් දේශපාලඥායකු ලෙස උපනූපන් පරම්පරාව වෙනුවෙන් යුතුකම් ඉටුකර ඇති තමා කිසිසේත්ම වංචා සහ දූෂණවලට සම්බන්ධ නිලධාරීන් ආරක්ෂා නොකරන බවත් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

‘සතොස ආයතනයේ සිදුව ඇති වංචා සම්බන්ධයෙන් විමර්ෂණය කරමින් සිටියදී අමාත්‍යවරුන් විසින් ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස බලපෑම් කරන ලද බවට පාරිභෝගික කටයුතු අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයා පසුගියදා විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය හරහා ප්‍රකාශ නිකුත් කර තිබූ බව කී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සිය දේශපාලන ජීවිතයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප පරිත්‍යාග කරමින්, ජාවාරම්කරුවන් සමඟ ඍජුව ගැටෙමින්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා තාක්ෂණවේදය විෂය ධාරාව හඳුන්වා දෙමින් මෙන්ම මහින්දෝදය විද්‍යාගාර ඇති කරමින් වර්තමාන සහ අනාගත පරපුර වෙනුවෙන් විශාල සේවය කර ඇති බව ද සඳහන් කළේය.

යහපාලන රජය රුපියල් බිලියන 28 ක (කෝටි 2800) අලාභයක් සහිත වර්තමාන රජයට උරුමකරදුන් සතොස යළිත් ගොඩනැංවීමට කටයුතු කරමින් සිටියදී බොහෝ පාර්ශවයන් එය කඩාකප්පල් කිරීමට උත්සහ කරන බවත් හිටපු අධ්‍යක්ෂකවරයා චෝදනා කර ඇති ආකාරයට තමා හෝ තම කාර්ය මණ්ඩලයේ කිසිවකු හෝ යම් වංචාවක් සිදු කර ඇති නම් එය සාක්ෂි සහිතව සනාථ කිරීමට ඔහු කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා කීය.

වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වෙළෙඳ අමාත්‍යාංශයේදී අද (23) පෙරවරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.

පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන මහතා එම තනතුරෙන් ඉවත්වෙමින් පැවසුවේ අමාත්‍යවරුන්ගෙන් එල්ල බලපෑම් හේතුවෙන් තමන් ඉල්ලා අස්වන බවයි.

Related posts

“කැබිනට් නොවන අමාත්‍යාංශයක් නොදුන්නොත් ඉල්ලා අස්වෙනවා” – දිලිප් වෙදආරච්චි

colombotoday

ලංකාවෙන් හමුවූ කොරෝනා රෝගියා කොළඹ කෙනෙක් – පවුලේ අයත් නිවසේ රදවා නිරෝධායනය කරයි !

colombotoday

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ඉන්ධන කාන්දුව ගැන සොයන්න කමිටු 02ක් පත් කරයි

colombotoday

අයි.එම්.එෆ් ගිවිසුම කඩන්න බෑ

Admin

ආණ්ඩු හදන, පෙරලන බටහිර බලවේගයක් ගැන තොරතුරු හෙළිවෙයි… Facebook සමාගමටත් චෝදනාවක්

colombotoday

කෝටි 700 දියමන්තිය කොල්ල කෑ මධූෂ්ගේ ගෝලයා අල්ලයි… කොල්ලය සිදුවූ හැටි හෙළිවෙයි…

colombotoday