Colombo Today Local News

“IMF ණය ප්‍රමාදයට හේතුව හම්බන්තොට වරාය ගිවිසුම. ලංකාව සමග බොහෝ රටවල් විරසකයි”

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම මෙතෙක් ප්‍රමාද වීමට හේතුව හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ඇති කර ගත් ගිවිසුමත් සමග බොහෝ රටවල් ශ්‍රී ලංකාව සමග විරසක වීම බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමති ආචාර්ය විජයදාස රාජපක්‍ෂ පවසයි.

එම ගිවිසුම නිසා ඉන්දියාව, චීනය, ඔස්ට්‍රේලියාව, ජපානය, අමෙරිකාව, බුරුමය, යුරෝපය ආදී රටවල් රැසක් ශ්‍රී ලංකාව සමග විරසක වූ බව ද ඇමතිවරයා පවසයි.

හම්බන්තොට වරාය ගිවිසුමට විරුද්ධ වීම නිසා 2017 වර්ෂයේදී තමාව අමාත්‍ය ධූරයෙන් පවා නෙරපා හැරිය බව ද ඔහු කීය.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාව සිටි කාලයකදී ජපානය සමග ඇති කර ගත් ශ්‍රී ලංකාවට හොඳ ප්‍රතිලාභ ලබාගත හැකි සැහැල්ලු දුම්රිය ගිවිසුමක් කිසිදු අධ්‍යයනයකින් තොරව අවලංගු කළ බව ද මේ ආකාරයට ශ්‍රී ලංකාව රටවල් රැසක් අමනාප කරගත් බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ලැබුණත් මෙරට ආර්ථිකයේ ලොකු වෙනසක් කිරීමට නොහැකි නමුත් ලෝකයේ වෙනත් රටවලට අප රට පිළිබඳව විශ්වාසයක් ඇතිකර ගැනීමට මෙන් ම විදේශීය ආයෝජකයන් මෙරටට ගෙන්වා ගැනීම, වෙනත් රටවල් සමග ගනුදෙනු කිරීමට හැකිවීම වැනි වාසිදායක තත්ත්වයන් එම ණය මුදල අප රටට ලැබීම හරහා සිදුවනු ඇති බව ද ඔහු සඳහන් කරයි.

කෙසේ වුව ද ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ණය ආධාරයක් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව ද ඇමතිවරයා වැඩිදුරට ත් සදහන් කරයි.

Related posts

පළාත් කිපයකට ගිගුරුම් සහිත වැසි

colombotoday

මාණික්කමඩු විහාරයට නැවතත් “සංහිදියාව” හරස් වෙයි.. ඉදිකිරීම් අත්හිටුවමින් නියෝගයක් !

colombotoday

“සංහිදියාව ඉතා හොදයි.. ත්‍රස්ත පනත අහෝසි කර උතුරින් හමුදාව ඉවත් කරමු” ඊළාම් ඩයස්පොරාව

colombotoday

ශිවාජිලිංගම්ගේ මහවිරු සැමරුම නිසා කෝපායි හමුදා කදවුර අසල ආරක්ෂාව තර කරයි

colombotoday

ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ජගත් වික්‍රමසිංහ ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලයට වහාම ඉවත්වන්නැයි ඇමැති කියයි

colombotoday

ගිනි ගත් නෞකාව නිරීක්ෂණයට විශේෂඥ කණ්ඩායම් දෙකක්

colombotoday