Colombo Today Local News

දිවිපරදුවට තබා ජීවිත 60ක් බේරාගත් රියදුරු වීරයෙක්

බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ බසයක තිරිංග ක්‍රියාවිරහිත වී ප්‍රපාතයට ඇදී යද්දී බස් රථය පස් කන්දකට අල්ලා නතර කරගැනීමට එහි රියැදුර සමත්ව තිබේ.

රියදුරුගේ දක්ෂතාවය හේතුවෙන් මගීන් 60කගේ පමණ ජීවිත බේරාගැනීමට හැකි වී ඇතැයි පොලීසිය පවසයි.

බස් රථය හපුතලේ බෙරගල දැඩි බෑවුම් සහිත මාර්ගයේ ධාවනය වෙමින් තිබියදී එක්වරම තිරිංග ක්‍රියාවිරහිත වී ඇති අතර බස් රථය වේගයෙන් පහළට ඇදී යද්දී දකුණු පස කාණුවක් හරහා පස් කණ්ඩියකට අල්ලා බසය නතර කර ගත් බවත් එහි සිටි මගීන් පවසයි.

ජීවිත රැසක් රැකගැනීමට හැකි වූයේ තමා පෙර කළ පිනකට බව ද බස්රථ රියදුරු පවසයි.

“හපුතලේ පල්ලම බහිද්දිත් බ්රේක් තිබ්බා. විහාරගල හරියේ ලොකු වංගුවක් තියෙනවා. වංගුවේ දී බ්රේක් එකට කකුල තිබ්බට බ්රේක් නෑ. පැඩල් එක අඩියටම බැස්සා. මට දැන් කල්පනාවට ආව මොනවද කරන්නේ කියලා. මිනිස් ජීවිත බේරගන්න ඕනේ කියලා මම ගැනවත් හිතන්නේ නැතුව ඉස්සරහින් ආව වාහන සේරම බේරගෙන මම බස්එක වේල්ලට ඇල්ලුවා. කොහොම හරි ටයර් දෙක කාණුවට වැටිලා තමයි බස්එක නතර වුණේ. කාටවත් කිසිම හානියක් වෙලා තිබුණේ නෑ. සීරිමක්වත් වුණේ නෑ. මගේ කකුල වැදුනා සුක්කානමේ. ඒක පොඩ්ඩක් තැලිලා තියෙනවා එච්චරයි. බස් එකටවත් ඩැමේජ් එකක් නෑ. ඇත්තටම මට මේ අවුරුදු 12ක CTB ජීවිතේ ලබපු හොඳම අත්දැකීම. මට ඇත්තටම සතුටුයි මේ මිනිස්සුන්ගේ ජීවිත බේරිච්ච එකට. මම ඒ තරම් පින් කරලා තියෙනවා. පොඩි අයත් හිටියා. අතදරුවොත් හිටියා. කිසිම කෙනෙකුට කිසිම හානියක් වුණේ නෑ. බස් එක එතැනින් පහළට ගියා නම් අඩි 5,000ක විතර ප්‍රපාතයකට යනවා.”

Related posts

ඊශ්‍රායලයට ඇතුළුවීමට ගිය ශ්‍රී ලාංකිකයින් 7ක් ජෝර්දාන හමුදා අත්අඩංගුවට

Admin

බ්‍රැන්ඩික්ස් සේවකයින්ට ලබා දුන් කාලය අවසන්.. සැඟවී සිටින අය අද සිට අත්අඩංගුවට – අජිත් රෝහණ

colombotoday

හිටපු ජනපති අදත් වංචා විමර්ෂණ කොමිසමට

colombotoday

20 ගේනවානම් මහා සංඝරත්නයේ අනුමැතිය රැගෙන ගේන්න.. හිතුවක්කාරකමට වැඩකලොත් පිලිතුරු දෙන්න අපි සූදානම්

colombotoday

එජාප අතහැර බදුර්දීන් තනිවම මහමැතිවරණයට !

colombotoday

ආණ්ඩුව යන මග වැරදියි.. ඉවසුවා ඇති ! මහා සංඝ සම්මේලනයක් කොළඹට කැඳවන්න යයි..

colombotoday