Colombo Today Local News

ආහාර විෂ වී ඇඟලුම් සේවිකාවන් 114 රෝහල්ගත කරයි

කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ ඇඟලුම් කර්මාන්තශාලාවක අද (3)දින ආහාර විෂ වීමක් හේතුවෙන් සේවිකාවන් 114 දෙනෙකු රෝහල්ගත කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

අද උදෑසන ආයතනය මගින් ලබා දුන් ආහාර විෂ වීමෙන් අනතුරුව ඔවුන් රෝගී වී ඇතැයි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

රෝගී වූ ඇඟලුම් සේවිකාවන් ඉමදූව, අහංගම, කළුගල හා කරාපිටිය රෝහල්වලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත.

හබරාදූව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Related posts

වායුගෝලය කැළඹෙයි.. අනිද්දා තෙක් තද වැසි

colombotoday

කෘෂිකර්ම ගැටලු කාර්යක්ෂමව විසඳන්න කාර්ය සාධක බලකායක්

Admin

සියලු විශ්ව විද්‍යාල නොවැම්බර් මාසයේදී විවෘත කිරීමට තිරණයක්

colombotoday

ලොකුගේ කණ පැලෙන්න දෙයි.. මරික්කාර් පොඩි ළමයෙක් වගේ දුවයි (Video)

colombotoday

නව මුදල් ඇමති බන්දුල ?

colombotoday

මාධ්‍යවේදීන් පොලිසියට ගෙන්වා ප්‍රශ්න කිරීම නොකළ යුතුයි

colombotoday