Colombo Today Local News

වායුගෝලය කැළඹෙයි.. අනිද්දා තෙක් තද වැසි

දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද හෙට සහ අනිද්දා දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

අද දිනයේ මධ්‍යම, සබරගමුව, ඌව පළාත්වලත් කළුතර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමිටර් 100 ට වැසි තද වැසි ද සෙසු ප්‍රදේශවලට මිලිමිටර් 50ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි වේ.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන සිදුවන අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

Related posts

ඥානසාර හිමිගේ පන්සලේ ධර්ම ශාලවක්වත් නෑ…

colombotoday

මහසෝන් බළකායේ අමිත් වීරසිංහ ඇතුළු 27 දෙනෙකුට අධිකරණය අද දුන් තීන්දුව මෙන්න

colombotoday

සබීතාගේ බිල්ඩිමට තවත් කෝටි හයක් ඉල්ලයි.. පරිපූරකය පාර්ලිමේන්තුවට

colombotoday

මම ක්‍රිකට් ඇමති නොවේ.. සියලුම ක්‍රීඩා කටයුතු ගැන සොයා බලනවා – නව ක්‍රීඩා ඇමති නාමල් කියයි

colombotoday

අන්තරේ කැදවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට

colombotoday

පාස්කු කොමිසමේ වාර්තාව හැදුවේ එහි සාමාජිකයින්ද? අන්තවාදීන් ද? අක්මීමන දයාරතන හිමි ප්‍රශ්න කරති.

colombotoday