Colombo Today Local News

චෙක්පත් සොරකම් කල දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට

චෙක්පත් සොරකම් කර බැංකුවේ තැන්පත් කර මුදල් වංචා කළ සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 32 හා 38 යන වයස්වල පසුවන දෙදෙනෙකි.

එහිදී සැකකරුවන් විසින් 470,000ක වටිනාකමකින් යුතු චෙක්පත් සොරකම් කර බැංකුවේ තැන්පත් කර තිබේ.

සැකකරුවන් අතුරුගිරිය සහ හෝමාගම ප්‍රදේශවල පදිංචිකරුවන් බව විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

ඔවුන් ස්කූටර් වර්ගයේ යතුරුපැදියක අසුන කඩා මෙලෙස චෙක්පත් සොරකම්කර ඇති බව වාර්තා වෙයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් එලෙස ලබාගත් මුදලින් රුපියල් 403,000ක මුදලක් ද පොලිස් භාරයට ගෙන ඇත.

අතුරුගිරිය පොලිසියට ලද පැමිණිල්ලකට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Related posts

රට ගොඩනැගීමේ ජනපතිගේ දැක්ම ජාත්‍යන්තර නිර්නායක ඉක්මවා යන්නක් – සාගල රත්නායක

Admin

සිවාජිලිංගම්ට ඇප

colombotoday

සහල් හොරෙක් හෙරොයිනුත් එක්ක මාට්ටු

colombotoday

නබි තුමා හීනෙන් කිවායැයි පවසා 77ක් වයසැති ජෙලීල් මොහොදීන් වැලිගම අවුරුදු 17ක දැරියක් සහේට ගනී

colombotoday

වැලි, පස් හා කළුගල් ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම ඔන්ලයින් ක්‍රමයට

colombotoday

පන්දම නිවා ෆොන්සේකා අලියා පිට නගී

colombotoday