අතිකාල දීමනා කප්පාදුවක් මුල් කරගනිමින් මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ විද්‍යා තාක්ෂණවේදී ශිල්පීන් අමතර රාජකාරිවලින් ඉවත්වීම හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්වී තිබේ.
වර්ජනයේ නිරත විකිරණ තාක්ෂණවේදීන් සඳහන් කරන්නේ, සෞඛ්‍ය ලේකම්වරයා සාකච්ඡාවක් ලබාදෙන තුරු අමතර සේවාවලින් ඉවත්වී සිටින බවයි.
ඒ අනුව ඔවුන් පෙරේදා සිට සවස 4න් පසු විකිරණ ප්‍රතිකාර කිරීමෙන් වැළකී සිටී.
මේ හේතුවෙන් දුර බැහැර සිට දින වෙන්කරවාගෙන විකිරණ ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන්ටද ආපහු හැරීයාමට සිදුවී තිබේ.