Colombo Today Local News

කැලණි ගඟට වැටුණු සැරයන්ගේ සිරුර දින 7කට පසු හමුවෙයි

ග්‍රෑන්ඩ්පාස් වික්ටෝරියා පාලම මතින් කැලණි ගඟට වැටුණු බව කියන පොලිස් සැරයන්වරයාගේ මළ සිරුර දෙහිවල ඕබන් පෙදෙසේ වෙරළ තීරයට ගොඩ ගසා තිබියදී දින 7කට පසු හමු වූ බව දෙහිවල පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් තිබුණේ බොරලැස්ගොමුව දිවුල් පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි පොලිස් කේෂ්ත්‍ර බලකා මූලස්ථානය ට අනුයුක්තව රාජකාරි කෙරු පොලිස් සැරයන් 50106 හෙට්ටිආරච්චිලාගේ ජයලත් පෙරේරා නැමැති නිලධාරියාය.

පොලිස් සැරයන්වරයා ගඟට වැටුණු බව කියන ස්ථානයේ තිබි කුඩා ජංගම දුරකථනයක් පොලිස් රෝහලෙන් ප්‍රතිකාර ගන්නා ලද රිසිට්පතක් හා බස් ගමන් බලපත්‍රයක් ගෑන්ඩ්පාස් පොලිසිය එදින සිය භාරයට ගෙන තිබිණි.

ගඟට වැටී අතුරුදන් වූ සැරයන්වරයා ඉකුත් 29 වැනි දින නිවසින් පිටත්ව ගොස් තිබිණි.

Related posts

ආබාධිත රණවිරු ප්‍රහාරයට එරෙහිව ප්‍රංශයේ ලාංකික දේශප්‍රේමීන් විරෝධයේ !

colombotoday

රාජ්‍ය හා පෞද්ගලික අංශ වෘත්තිය සමිති ඇරඹූ වැඩ වර්ජනය අවසන්

colombotoday

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන සාකච්ඡාක්

colombotoday

මහජන උපයෝගිතා කොමිසමේ ස්වාධීන බවට දේශපාලන බලපෑම්

Admin

කොරෝනා අරමුදලට දළදා මාලිගයෙන්,අස්ගිරිය සහ මල්වත්තෙන් රුපියල් කෝටි දෙකක්

colombotoday

පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් අවසන්

colombotoday