Colombo Today Local News

හොර අධ්‍යාපන ආයතනයක් පවත්වා ඩිප්ලෝමා සහතික දුන් කාන්තාවක් අත්අඩංගුවට

ව්‍යාජ අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන ගිය බව කියන කාන්තාවක් බම්බලපිටියේදි අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 24 හැවිරිදි ගිරිඋල්ල නාරංගමුව ප්‍රදේශයේ පදිංචිකාරිණියකි.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සිසුන් බඳවාගෙන මාර්ගගත ක්‍රමයට වැඩමුළු පවත්වමින් ව්‍යාජ ඩිප්ලෝමා සහතික ඇය විසින් නිකුත් කර ඇතැයි, පොලිසිය පවසයි.

ඒ සඳහා එක් සිසුවෙකුගෙන් රුපියල් ලක්ෂයේ සිට 445,000 දක්වා මුදලක් අය කර ගෙන ඇතැයි ද සඳහන් ය.

අයථා ලෙස මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් පැමිණිලි 43ක් පොලිසියට ලැබී ඇති අතර පොලිසිය පවසන්නේ, වංචාවලට හසුවු පුද්ගලයින් 1,000කට ආසන්න පිරිසක් සිටින බවයි.

දේශීය හෝ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් තොරව, තෘතීයික හා වෘත්තිය අධ්‍යාපන කොමිෂන් සභා අනුමැතියකින් තොරව මෙම ආයතනය පවත්වාගෙන ගොස් ඇතැයි, පොලිස් මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

Related posts

මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 2781ක් දක්වා ඉහලට

colombotoday

ප්‍රජා ශාලාවක සිවිලිමේ ලක්ෂ 60ක කුඩු සඟවලා

Admin

ඩෙංගු අධි අවදානම් දිස්ත්‍රික්ක 10ක්

colombotoday

මහ මඟදී රියදුරෙකුට පහරදුන් පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

colombotoday

විල්පත්තුව අවසන් හුස්ම හෙළයි.. බලධාරීන් මර නින්දේ (Photo)

colombotoday

දිවයිනේ සියලු සත්ත්ව උද්‍යාන යළි දැනුම්දෙන තුරු වසා තැබේ

colombotoday