Colombo Today Local News

ඉන්ධන බවුසරයක් බත්තුළු ඔයට පෙරළී ගසාගෙන යයි

ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් රථයක් හලාවත – පුත්තලම මාර්ගයේ බත්තුළු ඔයෙන් පහළට පෙරළී යාමෙන් අනතුරක් සිදුවී ඇත.

අද (24) අලුයම 3.30ට පමණ එම අනතුර සිදුවී ඇති බව මුන්දලම පොලීසිය පවසයි.

පුත්තලම – කල්අඩියේ පිහිටි කර්මාන්ත පුරයට දැවිතෙල් තොගයක් ප්‍රවාහනය කර ඇති බවුසර් රථය ආපසු කොළඹ බලා ගමන් කරමින් සිටිය දී එලෙස අනතුරට ලක්ව තිබේ.‍

බවුසර් රථය හලාවත – පුත්තලම මාර්ගයේ බත්තුළුඔය හරහා ඇති ආරක්ෂිත වැටද බිඳගෙන පෙරළී ගොස් ඇත.

අනතුර සිදුවන අවස්ථාවේදී එහි සිට ඇත්තේ රියදුරු පමණි.

ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව අනතුරට පත්ව ඇති බවුසරයේ රියදුරු බේරා ගැනීමට කටයුතු කර ඇත.

සුළු තුවාල ලබා ඇති රියදුරු ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර තිබේ.

බත්තුළුඔය පාලමේ ඇති ආරක්ෂිත වැටද කඩා ගෙන ඔයට පෙරළී ඇති බවුසරය මීටර් 100ක පමණ දුරක් ගසා ගෙන ගොස් හලාවත – පුත්තලම දුම්රිය මාර්ගය හරහා ඇති කළු පාලමේ ගැටී නැවතී ඇති අයුරු දක්නට ඇත.

අනතුරින් බත්තුළු ඔය පාලමේ ආරක්ෂත වැටටද බරපතළ හානි සිදුවී ඇත.

රියදුරුට නින්දයාම සහ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා අනතුර සිදුවන්නට ඇතැයි පොලීසිය පවසයි.

Related posts

ආර්ථික අර්බුදයෙන් මිදෙන ශ්‍රී ලංකාවේ වැඩපිළිවෙළට ලෝක බැංකුවේ පූර්ණ සහාය

Admin

කුරුණෑගල දිසා අධිකරණය සහ අතිරේක දිසා අධිකරණය තාවකාලිකව වසා දමයි

colombotoday

වර්ණසිංහගේ සෞඛ්‍ය ඇමතිකම මහ ඇමති පවරා ගනී.. අද දිවුරුම් දෙයි

colombotoday

ජනපති, අගමැති වනජීවී නිලධාරිනිය සමගයි !

colombotoday

මිල අඩු කළ හැක්කේ කිලෝමීටරයකට රුපියලක් පමණයි – ත්‍රිරෝද සංගම් කියයි

Admin

සිරගතව සිටින මව්වරුන්ගේ දරුවන් ගැන අගමැතිගේ අවධානය

colombotoday