ආනයනය කිරීමට නියමිත විදුලි යතුරුපැදි ලියාපදිංචියට අදාළ රෙගුලාසි සැකසීම සඳහා කමිටුවක් පත්කර ඇතැයි, මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
මේ වන විට එම කමිටුව ඊට අදාළ කටයුතු ආරම්භ කර ඇති බව මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල්, නිශාන්ත අනුරුද්ධ මහතා සඳහන් කරයි.
මෝටර් රථ ප්රවාහන පනත සංශෝධනය කර ඇති බවත් ඒ අනුව මෙම විදුලි වාහන ලියාපදිංචිය සඳහා කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව ද ඔහු පවසයි.