Colombo Today Local News

13 හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙකු සමග නවාතැනක සිටි ගුරා අත්අඩංගුවේ

එප්පාවල නගරයේ නවාතැන්පොළක 13 හැවිරිදි පිරිමි දරැවන් දෙදෙනෙකු සමග සැක කටයුතු ලෙසට නවාතැන් ගෙන සිටි 51 හැවිරිදි ක්‍රීඩා ගුරුවරයෙකු සැකපිට අත්අඩංගුවට ගත්බව එප්පාවල පොලිසිය පවසයි.

මෙම පාසල් ගුරුවරයා ඔහුගේ පාසලේම අධ්‍යාපනය ලබන 08 වැනි ශ්‍රේණියේ 13 හැවිරිදි පිරිමි දරුවන් දෙනෙකු අනුරාධපුර මහජන ක්‍රීඩාංගනයේ 27 වැනි දින පැවැත්වෙන වොලිබෝල් පුහුණුවක් සදහා රැගෙන යන බව දෙමාපියන්ට පවසා දරුවන් සිය නිවෙස් වලින් රැගෙන විත් ඇති බව පොලිසිය සඳහන් කරයි.

දරුවන් දෙදෙනා නැවත නිවෙස් වලට නොයවා සැකකාර ගුරුවරයා එප්පාවල නගරයේ පිහිටි නවාතැන් පොලක 28 වැනි දින රැදි සිටියදි නාදුනන පුද්ගලයෙකු විසින් පොලිසියට සිදුකළ පැමිණිල්ලක් මත ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇත.

දරුවන් දෙදෙනාද පොලිසිය සිය බාරයට ගෙන තිබේ.

Related posts

පාස්කු ප්‍රහාරය ගැන ’’චැනල් 4’’ කළ හෙළිදරව්ව ගැන හොයන්න රජය සූදානම්

Admin

විදේශීය සමාගම් තුනට අනුමත මිලට වඩා අඩුවෙන් තෙල් විකුණන්න අවසර

Admin

මහින්දගේ වාර්තාව ජනපතිට

colombotoday

ව්‍යාජ වෙබ් අඩවියක වීසා ජාවාරමෙක් කොටු වෙයි

Admin

මාවනැල්ලේ බුදු පිළිම කඩාදැමූ මුස්ලිම් පුද්ගලයෙක් අතටම අසුවූ පසු ඇමති කබීර් කියන කතාව…

colombotoday

2016 විමධ්‍යගත මුදල් සත පහක් තවම දීල නෑ.. අද අපට වැඩ කරන්න සල්ලි නෑ – රෝෂාන් රණසිංහ

colombotoday