දේවගැති ජෙරම් ප්රනාන්දු අද (01) දෙවන දිනටත් ප්රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.
බුදුදහම ඇතුළු ආගම්වලට අපහාස කිරීමේ චෝදනාවට ලක්වී මාස කිහිපයක් විදේශගතව සිට දිවයිනට පැමිණි දේවගැති ජෙරම් ප්රනාන්දු ඊයේ(30) පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.
එහිදී හෙට දිනයේත් CIDය හමුවේ පෙනී සිටින ලෙසට ඔහුට ඊයේ දිනයේදී දැනුම්දී ඇත.
ඊයේ දිනයේත් ඔහුගෙන් පැය 08ක ප්රකාශයක් සටහන් කරගෙන තිබේ.