2022 උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන වෙත බෙදාහැරීම අද (21)දින ආරම්භ කරන බව, විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විභාග කොමසාරිස් ජනරාල් අමිත ජයසුන්දර මහතා සඳහන් කළේ, පළමු දින 6 සඳහා අවශ්‍ය ප්‍රශ්න පත්‍ර එලෙස බෙදාහරින බවයි.
විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල සූදානම් කර ඇතැයි ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.
2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන 23 වැනිදා ආරම්භ වෙයි.