වැලිකඩ බන්ධනාගාරය තුළට යට ඇඳුමේ සඟවාගෙන දුම්කොළ රැගෙන යාමට උත්සාහ දැරූ නියාමකවරයෙකු අත්අඩංගුවට ගෙන භාරදුන් බව බොරැල්ල පොලිසිය පවසයි.
සැකකරු සමඟ ග්රෑම් 84 මිලිගෑම් 702ක් බර දුම්කොළ අඩංගුව තිබූ පාර්සලයක් සොයාගෙන තිබේ.
මෙම එක් දුම්කොළයක් රුපියල් 5000 සිට ඉහල මිලකට බන්ධනාගාරය තුළ අලෙවි වන බව ද වාර්තා වෙයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ බන්ධනාගාර නියාමක ගිණුම් ලිපිකරු සහයක ලෙස කටයුතු කරන්නෙකි.