Colombo Today Local News

නිවාඩු අවලංගු කලත් තැපැල් සේවකයෝ වර්ජනයේ…

තැපැල් දෙපාර්තමේන්තුවේ සම්පත් විකිණීමට ආණ්ඩුව දරණ උත්සහයට එරෙහිව දෙදින සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බව ඒකාබද්ධ තැපැල් පෙරමුණ පවසයි.

එහි සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කරන්නේ, නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල විකිණීමට ගෙන ඇති සැලසුම් ආණ්ඩුව අහෝසි කරගත යුතු බවය.

කෙසේ වෙතත් වහාම ක්‍රියාත්මක වන පරිදි නොවැම්බර් 8,9,10 දින තෙදින තුළ සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව ඊයේ (7) සඳහන් කළේය.

නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පති එස්. ආර්. ඩබ්. එම්. ආර්. පී සත්කුමාර මහතා සඳහන් කර සිටියේ, තැපැල් දෙපාර්තමේන්තුව සතු කිසිදු තැපැල් කාර්යාලයක් වසා දැමීමට කටයුතු නොකරන බවත්, නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල රජයේ ප්‍රතිපත්තිය අනුව වඩාත් ඵලදායි ආයෝජන අවස්ථාවකට ඉඩදීම වෙනුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය වෙත භාරදීමට එකඟත්වය ජනාධිපති ලේකම් වෙත දන්වා ඇති බවත්, ඒ වෙනුවෙන් නුවරඑළිය තැපැල් කාර්යාලය පවත්වාගෙන යෑමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් සුදුසු ගොඩනැගිල්ලක් ලබාදීමට කටයුතු කරන බවත් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා විසින් සහතික වී ඇති බවයි.

Related posts

යාපන සරසවි ගුරු, සිසුන් මියගිය කොටින් සමරයි.. යාපනේ කිළිනොච්චියේ අද හෙට මහ සැමරුම් !

colombotoday

රාජිත ගෙදර යවන විශ්වාසභංගයට මන්ත්‍රීවරු අත්සන් තබයි !

colombotoday

කාල බෝතලේ තහනම් කරන්න යයි

colombotoday

උසස් පෙළ ප්‍රතිඵල ගැන බන්ධුලට ගැටළුවක්… කුමන්ත්‍රණයක් ගැනත් කියයි…

colombotoday

පළමු පාසල් වාරයේ දෙවැනි අදියර අනිද්දා අරඹයි

colombotoday

“මේ ඔක්කොම නිවට ජනපති නිසයි… ගහන්න ඕන හොම්බට” – මර්වින්ගෙන් සැර ප්‍රහාරයක්

colombotoday