Colombo Today Local News

දෙදරු පියා ගිනි තියාගෙන ත්‍රිරෝද රථයටත් ගිනි තියලා

බණ්ඩාරගම හද්දාගොඩ ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරෙක් සිය සිරුරට ගිනි තබාගෙන පසුව ත්‍රිරෝද රථයට ද ගිනි තබා තිබේ.

අදාළ සිදුවීමෙන් බරපතළ තුවාල ලැබු 54 හැවිරිදි දෙදරු පියා මේ වනවිට හොරණ මුලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

පවුල් ආරවුලක් හේතුවෙන් මෙලෙස සිරුරට ගිනි තබාගෙන ඇති බවට පොලීසිය සිදුකළ මුලික විමර්ශනයේ දී අනාවරණය වී ඇතැයි බණ්ඩාරගම පොලීසිය පවසයි.

අදාළ පුද්ගලයාගේ සිරුර දැඩි ලෙස පිළිස්සී ඇතැයි වාර්තා වේ.

ත්‍රිරොද රථය ද ගින්නෙන් සම්පුර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

වව්නියාව ජුම්මා පල්ලිය අසල කඩ පෙළක් ගිනි ගනී.. කඩපෙළ අයින් කරන්නැයි පල්ලියෙන් කියලා !

colombotoday

හමුදාව සතු උතුරේ සියලු ඉඩම් ආපසු බාර දෙන යෝජනාවක් සම්මත වෙයි !

colombotoday

වැටි බද්ද හෙට සිට ඉහළට

colombotoday

විදුලි කණුවක් නිවසකට කඩා වැටී CEB සේවකයින් නිවැසියන්ගෙන් ගුටි කයි

colombotoday

ඇමරිකාවෙ විරෝධය නොතකා ඊශ්‍රායලය අපට දුන් “සිංහ පෝතකයා ” කෆීර්.. සටන් බිමේ අභිමානවත් සටන්කරුවා !

colombotoday

වතු කම්කරු වැටුප් ගැන අවසන් තීරණය 3 දා ඕන – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

colombotoday