උසස් පෙළ විභාගය වෙනුවෙන් අඛණ්ඩව විදුලිය ලබාදීම පිළිබඳව අද(16)දින විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව, ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ සහ විභාගයට පෙර අඛණ්ඩව විදුලිය ලබාදෙන්නැයි විභාග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් ලැබී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු රොහාන් සෙනවිරත්න මහතා සඳහන් කරයි.
ඒ අනුව අද පැවැත්වෙන සාකච්ඡාවේදී ඒ පිළිබඳ අවසන් තීරණයකට එළැඹෙන බව, ඔහු සඳහන් කරයි.
ඒ පිළිබඳව මහජන උපයෝගීතා කොමිසමේ නිර්දේශ ද, ලබාගැනීමට නියමිතයි.