Colombo Today Local News

බන්ධනාගාර කමිටු සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ අතර හමුවක්

සිරකරුවන්ට පොදු සමාව ලබාදීම, සිරකරු තදබදයට විසදුම් සෙවීම ඇතුළු බන්ධනාගාර කටයුතු පිළිබදව ක්‍රියා කිරීම සදහා පත් කර ඇති බන්ධනාගාර මූලස්ථාන කමිටුව, එල්.ටී.ටී.ඊ සිරකරුවන් සම්බන්ධ උපදේශන කමිටුව හා බන්ධනාගාර බලපත්‍ර මණ්ඩල කමිටුව යන කමිටුවල නිලධාරීන් සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද(16) පෙරවරුවේ පවත්වා තිබේ.

මේ වන විට මෙරට බන්ධනාගාර පද්ධතිය තුළ පවතින සිරකරු තදබදය අවම කිරීම, පොදු සමාව ලබාදිය හැකි සිරකරුවන් සම්බන්ධව ක්‍රියා කිරීම, බන්ධනාගාර සිරකරුවන් පිළිබදව කටයුතු කිරීමේදී පවතින නීතිමය බාධාවන් හා ඒ සදහා විසදුම් සෙවීම මෙන්ම අදාළ කමිටු විසින් ගෙන ඇති පියවර පිළිබදව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, හිටපු අගවිනිසුරු අශෝක සිල්වා, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (නීති) පියුමන්ති පීරිස්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය යන මහත්ම මහත්මීන් ඇතුළු අධිකරණ අමාත්‍යාංශය හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව නියෝජිනය කරමින් නිලධාරීන් මෙම සාකච්ඡාවට එක් විය.

Related posts

” පෙට්‍රල් – ඩීසල් ප්‍රමාණවත් තොග පවතිනවා “

colombotoday

විල්පත්තුව ගැන මට තනි තීරණයක් ගැනීමට බෑ… ජනපති අගමැති සහ ඒ ඇමතිතුමා සමග සාකච්ඡා කළ යුතුයි

colombotoday

ඉන්දු – පකිස්තානය ගිනිගනිද්දී රනිල් ඉන්දියාවට!

Admin

“අපේ අයවැය දැක IMF ඉතා සතුටට පත්වෙලා.. තවත් ණයක් දෙන්න ලෑස්ති“ – මුදල් ඇමති රවී

colombotoday

ජනපතිගේ ජාතිය ඇමතීම මඩේ එරිච්ච මිනිහගේ දැඟලිල්ල වගේ | චම්පික රණවකගෙන් ප්‍රහාරයක්.

colombotoday

වතු කම්කරුවන්ට ස්ථීර තැපැල් ලිපින ඉල්ලයි

Admin