Colombo Today Local News

කොළඹ මාර්ග කිහිපයක් අවහිර වෙයි

විරෝධතාවයක් හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක් අවහිර වී තිබේ.

තුන්මුල්ල හන්දිය දෙසින් බෞද්ධාලෝක මාවතට ප්‍රවේශ වෙන මාර්ගයේ එලෙස රථවාහන තදබදයක් ඇතිව තිබෙන බව වාර්තා වේ.

කෙසේවෙතත් ගාලුමුවදොර පැවැත්වීමට නියමිත විරෝධතාවක් වළක්වාලමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ලිප්ටන් වටරවුමේ සිට යුනියන් පෙදෙස හරහා ගාලුමුවදොර දෙසට ඇතුළුවීම වළක්වාලමින් අධිකරණය විසින් එම නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වේ.

නිදහස් උ‍ළෙලේ සංවිධාන කටයුතු, අද පස්වරුවේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීම සහ මීට පෙර විරෝධතාවලදී ඇති වූ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් අදාළ විරෝධතාව වළක්වාලමින් නියෝගයක් නිකුත් කර තිබේ.

කෙසේවෙතත් ගාලුමුවදොරට ඇතුළුවීමකින් තොරව උද්ඝෝෂකයින්ට විරෝධය සිදුකිරීමට බාධාවක් නොවන බව අදාළ නියෝගයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related posts

ජාතිවාදී සටන් පාඨ කියන්න ඉඩ දෙන්නේ නෑ

Admin

නිදහස් සමරුව වෙනුවෙන් ‘සංහිදියා‘ නෝට්ටුවක් නිකුත් කරයි

colombotoday

බඳින තුවක්කුවක් පත්තු වී දරුවෙකු රෝහලේ

Admin

සියළුම හමුදා අවි ගබඩා ආරක්ෂිත ප්‍රදේශවලට.. කොස්ගම කඳවුරත් ඉවතට !

colombotoday

ලාදුරු රෝගීන්ගේ වැඩිවීමක්

colombotoday

ඩොලරය වැඩිවීමෙන් ලංකාවට වාසියක්….

colombotoday