World

හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටෙයි

ඔස්ට්‍රේලියාවේදී හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට්හි සීවර්ල්ඩ් නමැති ප්‍රදේශයේදී මෙම හෙලිකොප්ටර් අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යානා දෙකෙහි සිටි සෙසු මගීන් 9 දෙනා ප්‍රතිකාර සඳහා යොමු කළ බව ක්වීන්ස්ලන්ඩ් ගිලන් රථ සේවාව පවසයි.

බරපතළ තත්ත්වයේ සිටි කාන්තාවක සහ කුඩා පිරිමි දරුවන් දෙදෙනෙකු ද රෝහල්ගත කර තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ, ඔස්ට්‍රේලියා වේලාවෙන් අද පස්වරු 2.00ට පමණ ය.

ක්වීන්ස්ලන්ඩ් පොලිසියේ නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ, එක් හෙලිකොප්ටර් යානයක් ගුවන් ගත කරමින් තිබියදී ගොඩ බාමින් සිටි හෙලිකොප්ටර් යානයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව ය.

Related posts

ෆ්ලොරිඩා හි ගොඩනැගිල්ලක් කඩා වැටෙයි | 99 ක් අතුරුදන්

colombotoday

අමෙරිකාවේ බිහිසුණු ගුවන් අනතුරක්

Admin

ළමුන්ට සහ දෙමාපියන්ට පීඩනය වැඩියි. – පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරයි

colombotoday

විදුලි රැහැනක් කඩා වැටී 26ක් මරුට

colombotoday

රෝමයේ මහල් නිවාස සංකීර්ණයක වෙඩිතැබීමක්

Admin

Video: බ්‍රිසල්ස් අගනුවරට හමුදාව කැදවේ – දුම්රිය ගමන් අත්හිටුවයි, ප්‍රසිද්ධ ස්ථානවලින් ඉවත්වන්න – රජයෙන් අනතුරු ඇගවීම්

colombotoday