ආගමික අසමගියක් ඇතිවන ආකාරයේ ප්රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති දේවගැති ජෙරම් ප්රනාන්දු අද (29) අලුයම කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ දිවයිනට පැමිණ තිබේ.
අධිකරණය විසින් ලබාදී ඇති නියෝගයක් මත ඔහු පැය 48ක් ඇතුළත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්රකාශයක් ලබාදීමට නියමිතව ඇත.