Colombo Today Local News

අත්අඩංගුවට පත්වන සැකකරුවන් ගැන ක්‍රියාත්මක වීමට පොලිසියට මානව හිමිකම් කොමිසමෙන් නව උපදෙස්..

පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා නව මාර්ගෝපදේශ මාලාවක් සකස් කළ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.

එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කරන්නේ, මෑත කාලීනව පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවන් මියයාම ඉහළ යාම සලකා බලා එම පියවර ගත් බවයි.

වසරේ මේ දක්වා කාලය තුළ පමණක් පුද්ගලයින් 20කට අධික සංඛ්‍යාවක් පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගොස් ඇති බව ඔහු පැවසීය.

නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් වැඩි දුරටත් සඳහන් කරන්නේ, ලබන මස 11 වැනිදා ලෝක මානව හිමිකම් දිනයට සමගාමීව එම මාර්ගෝපදේශ එළිදක්වන බවයි.

Related posts

සිංහල දරු සංහාරක චූදිත සාෆිට නැවත රැකියාව දෙන්නැයි රාජ්‍ය සේවා කොමිසම සෞඛ්‍ය අමාත්‍යාංශයට දන්වයි !

colombotoday

වැඩි ගාස්තු අය කරන අර්ධ සුඛෝපභෝගී බස් දෙසැම්බර් 31 දා සිට ඉවතට

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් දැන් කාටත් අමතක වෙලා…

colombotoday

මාධ්‍යවේදී ඩෙස්මන්ඩ් චතුරංග යලි රක්ෂිත බන්ධනාගාර ගත කරයි

colombotoday

මන්ත්‍රී ධුරයෙන් වහාම ඉවත් වන්නැයි චම්පික රතන හිමිට කියයි

colombotoday

ඊයේ තැබූ වාර්තාව අද කඩයි.. ඩොලරය තවත් ශත 96කින් නගී.. 160 සීමාව පනී…

colombotoday