Colombo Today Local News

නිධන් සොයා කැණීමක් කල 5ක් අත්අඩංගුවේ

නිධන් කර ඇති පුරා වස්තු සෙවීමේ අරමුණින් ගල් තලාවක් මත, කැණීමක් සිදු කරමින් සිටි පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කොළඹ වැල්ලම්පිටිය, අම්පාර සහ ගල්කුලම යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 40ත් 62ත් අතර වියේ පසු වන පුද්ගලයින් පස් දෙනෙකු බව කවරක්කුලම පොලිසිය පවසයි..

කවරක්කුලම පොලිස් වසමේ ගල්කුලම අක්කර 50, වේවැල් දිගිලිය ප්‍රදේශයේ ගෙවත්තක් පිටු පස පිහිටි ගල් තලාවක් අසල මෙම කැණීම සිදු කරමින් සිටි බව පොලීසිය කියයි.

එම වැටලීම සිදු කරන අවස්ථාව වන විටත් සැකකරුවන් අඩි පහළොවක් පමණ පිහිටි ගල තලාවක කොටසක් කඩා දමා ඒ අසලින් පොලොව තුළට අඩි දහ තුනක් පමණ ගැඹුරට හාරා තිබූ බව පොලීසිය සඳහන් කරයි.

Related posts

බොරතෙල් නොමැතිව සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට සිට නැවත වසා දමයි

colombotoday

තෙල් නැතිව කැලණිතිස්සේ බලාගාරයක් නවතී

colombotoday

ඇමති ජෝන්ට සූර් වී මාධ්‍ය හමුව අවලංගු කරයි

colombotoday

“අපේ සටන ඉවර නෑ… සාගල රත්නායකත් වහා ඇමතිකමෙන් නෙරපිය යුතුයි” – රාජිත පුත් චතුර

colombotoday

ජනපති ඉස්ලාම් ත්‍රස්තවාදී සංවිධාන දෙකක් තහනම් කරයි….

colombotoday

UPDATE:කොස්ගම පිපිරීමෙන් 47ක් රෝහල්වලට – ආයුධ ප්‍රදේශය පුරා විසිරි ඇත

colombotoday