World

ඇෆ්ගනිස්ථානයේ පුරවැසියන් අත්අඩංගුවට නොගන්නැයි සර්දාර් අහමබඩ්ගෙන් ඉල්ලීමක්

පකිස්ථානයේ පදිංචි වී සිටින ඇෆ්ගනිස්ථානයේ පුරවැසියන් වන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම නතර කරන්නැයි ඇෆ්ගනිස්තානය පකිස්තානයෙන් ඉල්ලා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

විදෙස් මාධ්‍ය වර්තා කරන්නේ, ඉස්ලාමාබාද් නුවර පිහිටි ඇෆ්ගනිස්තාන තානාපති කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වන සර්දාර් අහමබඩ් ශකීබ් එම ඉල්ලීම සිදුකර ඇති බවයි.

වැසියන් 1050 ක් සිරමැදිරි තුළ රඳවා සිටින බවත්, ඔවුන් නිදහස් කර ගැනීම සදහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් සර්දාර් අහමඩ් ශකීබ් පවසයි.

එමෙන්ම ඇෆ්ගනිස්ථාන වැසියන් අත්අඩංගුවට ගැනීම වහාම නතර කරන ලෙස ද ඔහු ඉල්ලිමක් කර තිබේ.

පකිස්ථානයේ සිරමැදිරි තුළ රඳවා සිටින ඇෆ්ගනිස්ථාන රැඳවියන්ගේ තත්ත්වය ඛේදජනක බව ඥාතීන් සඳහන් කරන බවද විදෙස් මාධ්‍ය පවසයි.

මේ අතර ජාත්‍යන්තර සම්මුතියට අනුව පකිස්ථානය සිය අත්අඩංගුවේ පසුවන ඇෆ්ගන් වැසියන් වහා නිදහස් කළ යුතු බවත්, සරණාගතයින් අත්අඩංගුවට ගැනීමට කිසිදු රටකට අයිතියක් නොමැති බවත් සරණාගතයින්ගේ අයිතීන් උදෙසා වන ක්‍රියාකාරීන් ද පවසයි.

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ පාලන බලය අල්ලා ගැනීමත් සමග ඇෆ්ගනිස්තාන වැසියන් දහස් ගණනක් සරණාගතයින් ලෙස අසල්වැසි රටවලට පළා ගියේය.

ඉන් බොහෝ පිරිසක් කාන්තාවන් හා දරුවන් වන බව විදෙස් මාධ්‍ය පවසයි.

Related posts

ඔලිම්පික් මැද ටෝකියෝ නුවර රෝහල් කොවිඩ් ආසාදිතයින්ගෙන් පිරි යයි

colombotoday

තලෙබාන් සටන්කාමීන් ඇෆ්ගනිස්තානයේ ගැබිනි පොලිස් කාන්තාවක් වෙඩි තබා ඝාතනය කරයි

colombotoday

ප්‍රංශ ජනපති එම්මානුවෙල් ඊශ්‍රායලයට

Admin

පලස්තීන දේශසීමාවේ ප්‍රරෝපකාරී ගැටුම් දරුණු අතට

colombotoday

2023 වසරේ, ආසියාවේ ජනප්‍රිය පුද්ගලයන් අතරේ පළමු තැන ෂාරුක්ට

Admin

දකුණු කොරියානු හමුදා ගුවන් යානයක් සුඩානයට

Admin