Colombo Today Local News

උතුරු නැගෙනහිර පොලිස් නිලධාරීන්ට දමිළ භාෂාව ඉගැන්වීමේ වැඩසටහනක්

උතුරු නැගෙනහිර පළාත්වල සේවය කරන පොලිස් නිලධාරීන්ට දමිළ භාෂාව ඉගැන්වීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක වන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (23)දින පැවසීය.

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ දෙවන දිනය වන අද (23) දින ආරක්ෂක අමාත්‍යාංශය සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශය යන අමාත්‍යංශ දෙකෙහි වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් අධිකරණ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ‍ය.

“පසුගිය තිස් අවුරුදු යුද්ධය කාලයේ උතුරේ කිසිදු දෙමළ තරුණයෙකුට හෝ තරුණියකට පොලීසියට බැදෙන්න දුන්නේ නැහැ.එම නිසා එම පළාත් නියෝජනය වන පරිදි පිරිස බඳවා ගන්න බැරි වුණා. නමුත් අපි 2016 දී, නව ක්‍රමවේදයක් ආරම්භ කළා. පොලිස් නිලධාරින්ට දෙමළ භාෂාව උගන්වන වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කළා. නමුත් එම වැඩසටහන දිගටම ක්‍රියාත්මක වුණේ නැහැ. සැරින් සැරේ දුර්වල වුණා. නැවතත් එම වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.” යනුවෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යවරයා පැවසීය.

Related posts

Video: බැඳුම්කර හොරකම රවී මත පටවා ඇගහෝදගන්න මේ ආණ්ඩුව සැරසෙනවා – විමල් විරවංශ

colombotoday

දිස්ත්‍රික්ක 9ක සරම්ප රෝගීන් වාර්තා වීම ඉහළට

Admin

අද ඉන්ධන ලබා ගත හැකි පිරවුම්හල් ලැයිස්තුව මෙන්න

colombotoday

“ISIS මෙහෙ නෑ.. විජේදාස කීවේ රජයේ මතය නෙවෙයි.. මුස්ලිම් සමාජය අන්තවාදී නැ“ – රාජිත

colombotoday

අරුන්දික ප්‍රනාන්දු ඉල්ලා අස්වෙයි

colombotoday

වැලිකඩ බන්ධනාගාරයේ නිලදාරිනියක් හා සිරකාරියක් අත්අඩංගුවට

colombotoday