Colombo Today Local News

විහාරමහාදේවී උද්‍යානය නැවත කොළඹ මහා නගර සභාවට පවරයි

විහාරමහාදේවී උද්‍යානය නැවත කොළඹ මහා නගර සභාවට පවරාදීමට අදාළ ගැසට් නිවේදනය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් නිකුත් කර තිබේ.

කොළඹ නගර සභාව සතුව පැවති විහාර මහා දේවී උද්‍යානය 2011 සැප්තැම්බර් මස 30 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි නාගරික සංවර්ධන අධිකාරියට පවරාගනු ලැබීය.

සංවර්ධන කටයුතු සදහා පවරා ගනු ලැබූ අදාළ උද්‍යානය එම කටයුතුවලින් අනතුරුව යළි කොළඹ මහ නගර සභාවට ලබාදීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ.

ඒ අනුව, විහාරමහාදේවී උද්‍යානය අයත් අක්කර 54ක විශාලත්වයකින් යුත් භූමි ප්‍රදේශය කොළඹ මහ නගර සභාවට යළි හිමිව ඇත.

Related posts

සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට සහ අනිද්දා වැඩ වර්ජනයක්

colombotoday

විනාශ කල බුවනෙකබා රාජසභා මණ්ඩපයට ඇතුළුවීම තහනම්. අධිකරණයෙන් නීතිපති නියෝගයක් ගනියි.

colombotoday

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ධුරයෙන් ඉවත් වෙයි.

colombotoday

එජාප මැයි පෙළපාලියේ ගැහැණු ඇදුම් ඇදගත් පිරිමින් දෙපිරිසක් ගුටි ඇණගනී.. තුනකට තුවාල

colombotoday

කොළඹ නගරයේ ඉදිකිරීම් 150 ක් පමන අවදානම් තත්වයේ

Admin

නාවික කදවුරු භූමියේ ඉඩම් ඉල්ලා මුලතිව් හී විරෝධතා !

colombotoday