Colombo Today Local News

ඇෆ්ලාටොක්සින් කඩයිම් මට්ටම සංශෝධනයට කැබිනට් අනුමැතිය

මාස හයේ සිට අවුරුදු 3 දක්වා ළමුන් සඳහා ත්‍රිපෝෂ ඇතුළු ආහාර අතිරේක වැඩසටහන් සඳහා වන ඇෆ්ලාටොක්සින් කඩයිම් මට්ටම සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

1980 අංක 26 දරන ආහාර පනත යටතේ පවතින රෙගුලාසි වල නියම කර ඇති සම්පූර්ණ ඇෆ්ලාටොක්සින් සඳහා වන දැඩි කඩඉම් මට්ටම හේතුවෙන් ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩ ඉරිගු ලබාගැනීම දුෂ්කර වී ඇතැයි රජය පවසයි.

එබැවින් ජාත්‍යන්තරව පිළිගත් අතිරේක ආහාරවල පවතින ඇෆ්ලාටොක්සින් මට්ටම වන b1 වර්ගය සඳහා 5ppb මට්ටම සහ සමස්ත ඇෆ්ලාටොක්සින් 10ppb යන කඩඉම් මට්ටම් අදාල කරගැනීම පිණිස සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Related posts

කොරෝනා ආසාදිතයන් තවත් ඉහලට

colombotoday

ඇමෙරිකාවේ ලොකු පුටුවකට තරග කරන ලාංකික කෝටිපතියා චමත් පලිහපිටිය

colombotoday

QR කේතයට බැහැරව ඉන්ධන නිකුත් කරන පිරවුම්හල්වලට එරෙහිව දැඩි පියවර

colombotoday

ශ්‍රී ලංකා මහ බැංකුව වහා ම ක්‍රියාත්මක වන පිරිදි යළි මුදල් අමාත්‍යංශය යටතට

colombotoday

ප්‍රදේශ රැසක සොරකම්වලට සම්බන්ධ 5ක් අත්අඩංගුවේ

colombotoday

කඳාන ලෙකෝ ආයතනයේ සේවකයින් 12 කට කොරෝනා – සියලු දෙනා දෙවන පෙළ ආශ්‍රිතයින්

colombotoday