Colombo Today Local News

ගොවීන්ට නොමිලේ දෙන්න ගෙන ආ පොහොරත් සඟවාගෙන

ගොවීන්ට නොමිලේ බෙදාදීම සඳහා රැගෙනවිත් තිබූ පොහොර තොගයක් සඟවාගෙන සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (11)දින මහකළුගොල්ල පොලිස් වසමේ හෙලමුල්ල, දෙමෝදර ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදුකළ වැටලීම එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු සතුව තිබී යුරියා කිලෝග්‍රෑම් 50 පොහොර මිටි 12ක් සහ බයෝග්‍රීන් ෆාම් වර්ගයේ ලිටර් 01 ප්‍රමාණයේ දියර පොහොර කෑන් 536ක් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු තලපලකන්ද, බෙරලපනාතාර ප්‍රදේශයේ වයස අවුරුදු 57ක පුද්ගලයකි.

ඔහු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මහකළුගොල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

Related posts

මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 6,120ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

Admin

හමුදාවේ 4 දෙනෙක් පුද්ගලයෙකුව පැහැරගෙන හිහින් – හමුදාපති තුමාගෙන් නියෝගයක්

colombotoday

අද කොවිඩ් මර්ධන එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

මාර්ග කිහිපයක පෞද්ගලික බස්රථ වර්ජනයක්

Admin

කරුණා අම්මාන්ගේ දියණියක් මිය යයි.. අවසන් කටයුතු පන්සලේ සිදු කරයි !

colombotoday

තරුණයෙක් ගල් කොරියේ ලෝඩර් යන්ත්‍රයට යට වි මරුට

Admin