Colombo Today Local News

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද කෝප් කමිටුව හමුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (14)දින පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ.

කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා සඳහන් කරන්නේ, අද (14) පස්වරු 2.00 ට මෙම කැඳවීම සිදු කර ඇති බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ගැටලුවක් පවතීනම් ඒ පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට යොමු කරන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට පසුගිය 10වැනි දා පාර්ලිමේන්තුවේ දී දැනුම් දුන්නේ ය.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද මෙලෙස කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර තිබේ.

එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කිරීමට නියමිතය.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා පත් කළ අතුරු පාලන කමිටුවේ කටයුතු අත්හිටුවමින් පසුගියදා නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණය හමුවේ විරෝධතා ගොනු කර තිබේ.

Related posts

අධිකරණයට අපහාස කළ අජිත් ප්‍රසන්නට බරපතළ වැඩ සහිත තවත් සිරදඬුවමක්

Admin

කතානායක නිල නිවෙසේ ආරක්ෂාව වැඩි කරයි

colombotoday

දෙමළ ජනතාවට බලය දෙන්න 13 සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනාවේ මමයි – රෙජිනෝල්ඩ් කුරේ

colombotoday

ලාදුරු රෝගීන් වාර්තාවීම ඉහළට

Admin

අද සහ හෙට සියලු දුම්රිය ධාවනයන් අවලංගුයි

colombotoday

කොණ්ඩයාගේ අයියාගේ DNA සැසඳෙයි.

colombotoday