Colombo Today Local News

කැලණිතිස්ස බලාගාරයක් හෙට සිට නවතී

ප්‍රමාණවත් පරිදි නැප්තා නොමැති වීම හේතුවෙන් කැලණිතිස්ස විදුලි බලාගාරයක් හෙට (12) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියා විරහිත කිරීමට සිදුවන බව විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය පවසයි.

ඒ අනුව ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 165ක ධාරිතාවක් අහිමි වනු ඇති බව ඔවුන් සඳහන් කළේය.

කැලණිතිස්ස බලාගාරය දිනක් ක්‍රියාත්මක කිරීම සදහා නැප්තා ලීටර් 9ක් පමණ අවශ්‍ය වන අතර ජල විදුලි ඒකකයකට පසු අඩුම පිරිවැයකින් විදුලිය නිෂ්පාදනය කරනු ලබන්නේ කැලණිතිස්ස විදුලි බලාගාරයෙන් බව සඳහන් වෙයි.

කෙසේවෙතත් නැප්තා තොග මේ වනවිට මෙරට තුළ පවතින අතර එසේ තිබියදී බලාගාරය ක්‍රියා විරහිත කිරීමට සිදුවීම ගැටලු සහගත තත්ත්වයක් බව විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමයේ සම ලේකම් ඉසුරු කස්තුරි රත්න මහතා සදහන් කළේය.

Related posts

කළුතර මහාධිකරණයෙන් 08 දෙනෙකුට මරණ දඬුවම නියම කෙරේ…

Admin

මම මේ රටේ ජනපති නෙවෙයි කියා හිතෙනවා

colombotoday

රත්තරං කිලෝග්‍රෑම් 10ක් ප්‍රවාහනය කළ අයෙක් කල්පිටියේදී අල්ලයි

colombotoday

හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම රිමාන්ඩ්

Admin

තවත් කොරෝනා ආසාදිතයින් පස්දෙනෙකු හඳුනා ගැනේ

colombotoday

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වී ඇතැයි පළවන වාර්තා අසත්‍යයයි.

colombotoday